වගකීම් සහතිකය

>>

වගකීම් සහතිකය

Cayo ජීවිත කාලය පුරාම පවතින ප්‍රතිකාර වගකීම් සහතිකය

ඇතැම් දන්ත ප්‍රතිකාර දීර්ඝකාලීනව පවතින පරිදිම සිදු කළ යුතුය

ඔබගේ දත් නැවත ලබා ගැනීමට හෝ ප්‍රතිසංස්කරණය කිරීමට ඔබ ආයෝජනය කරන විට, අපගේ වගකීම ප්‍රතිකාරය අවසන් වන දිනයෙන් පමණක් නතර නොවිය යුතු බව අපි විශ්වාස කරමු.

එබැවින් තෝරාගත් දන්ත ප්‍රතිසංස්කරණ සහ ඉම්ප්ලාන්ට් ප්‍රතිකාර සඳහා Cayo වෙතින් ජීවිත කාලය පුරාම පවතින වගකීම් සහතිකයක් (Lifetime Treatment Warranty) පිරිනමනු ලැබේ.

ජීවිත කාලය පුරාම පවතින වගකීම් සහතිකය

ඔබ ලබාදුන් ප්‍රතිකාර ආරක්ෂා කරගනිමින් නිසි පරිදි රැකබලා ගන්නා තාක් සහ අනිවාර්ය Cayo දන්ත සායනික පසුපස පරීක්ෂාවන් සඳහා නිසි වේලාවට සහභාගී වන තාක්, අපගේ වගකීම් සහතිකයට ඇතුළත් ප්‍රතිකාර සඳහා අපි සැමවිටම පූර්ණ වගකීමෙන් බැඳී සිටින්නෙමු.

එය ප්‍රතිකාරයේම අනිවාර්ය කොටසකි.

“ජීවිත කාලය පුරාම” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

එයින් අදහස් වන්නේ ඔබ ඔබගේ වගකීම් සහතිකය සක්‍රියව පවත්වා ගන්නා තාක් කල්, අදාළ ප්‍රතිකාර සඳහා අපි පූර්ණ වගකීමෙන් පෙනී සිටින බවයි.

මස 6කට වරක් සිදුකරන අනිවාර්ය Cayo දන්ත සායනික පසුපස පරීක්ෂාවන් සහ නඩත්තු කිරීම් ඇතුළු වගකීම් කොන්දේසිවලට යටත්ව, ඔබගේ Cayo Lifetime Treatment Warranty සහතිකය ඉදිරියටම වලංගු වේ.

එක් සරල නීතියක්

අවම වශයෙන් මාස 6කට වරක් Cayo වෙත පැමිණෙන්න

දීර්ඝකාලීන දන්ත ප්‍රතිකාර සඳහා දීර්ඝකාලීන නඩත්තුවක් අවශ්‍ය වේ.

ඔබ මාස හයකට වරක් සිදුකරන පැමිණීම මගින් ඔබගේ දත්, විදුරුමස්, ප්‍රතිසංස්කරණ සහ දන්ත බද්ධ පරීක්ෂා කිරීමටත්, ගැටලු බරපතල වීමට පෙර හඳුනා ගැනීමටත් අපට අවස්ථාව ලැබේ.

ඔබගේ සමාලෝචන නිසි පරිදි යාවත්කාලීනව පවත්වා ගන්න, සුදුසු මුව සෞඛ්‍ය පිරිසිදුකම පවත්වා ගන්න, සහ ඔබට ලබා දෙන සායනික උපදෙස් අනුගමනය කරන්න.

අපි ඔබගේ වගකීම් සහතිකය සක්‍රියව තබන්නෙමු.

දන්ත ඔටුනු සහ පාලම් සඳහා ජීවිත කාලය පුරාම වලංගු වගකීමක්

Cayo හි ජීවිත කාලය පුරාම ප්‍රතිකාර කිරීමේ වගකීම Cayo විසින් සම්පූර්ණ කරන ලද සුදුසුකම් ලත් ඔටුනු සහ පාලම් සඳහා අදාළ වේ.

වගකීම් කාලය තුළ ආවරණය කරන ලද ඔටුනු හෝ පාලමක් අසමත් වුවහොත්, අපි ප්‍රතිසංස්කරණය තක්සේරු කර සුදුසු නිවැරදි කිරීමේ ප්‍රතිකාරය තීරණය කරන්නෙමු.

එම ප්‍රතිසංස්කරණය නැවත ප්‍රතිස්ථාපනය කිරීමට අවශ්‍ය වන අතර, එම දෝෂය වගකීම් සහතිකයට යටත් කොන්දේසිවලට ඇතුළත් වන්නේ නම්:

අදාළ ක්‍රවුන් හෝ බ්‍රිජ් ප්‍රතිකාරය සඳහා නැවත කිසිදු ගාස්තුවක් අය කිරීමකින් තොරව, අපි එය නැවත ලබා දෙන්නෙමු.

මෙම වගකීම් සහතිකය අදාළ වන්නේ Cayo ආයතනය මගින් ලබාදුන් ප්‍රතිසංස්කරණය (Restoration) සඳහා පමණි.

දන්ත ඔටුනු සහ පාලම් සහතිකයෙන් ආවරණය වන්නේ කුමක්ද?

සායනික පරීක්ෂාව සහ වගකීම් කොන්දේසිවලට යටත්ව, පහත දැක්වෙන කරුණු ආවරණය විය හැක:

හැකි සෑම අවස්ථාවකදීම අපි ප්‍රතිසංස්කරණය අලුත්වැඩියා කරන්නෙමු. අලුත්වැඩියා කිරීම යෝග්‍ය නොවන අවස්ථාවලදී, අපි එය නැවත අලුතින්ම ලබා දෙන්නෙමු.

වගකීම් සහතිකයෙන් ආවරණය නොවන්නේ කුමක්ද?

දන්ත ඔටුනු එකක් මගින් සිදුවන්නේ දත ආරක්ෂා කිරීම සහ නැවත සකස් කිරීමයි. නමුත් ඒ මගින් ඊට යටින් පවතින ස්වාභාවික දත කිසිදා හානි නොවන තත්ත්වයට පත් නොකෙරේ. එම නිසා, ස්වාභාවික දතට හෝ ඒ වටා ඇති පටකවලට පසුව ඇතිවන අලුත් සායනික තත්ත්වයන් සඳහා මෙම Lifetime Warranty සහතිකය ස්වයංක්‍රීයව අදාළ නොවේ.

ඊට පහත දැක්වෙන උදාහරණ ඇතුළත් විය හැක:

මෙවැනි තත්ත්වයන් වෙන් වෙන් වශයෙන් සායනික පරීක්ෂාවට ලක් කෙරෙන අතර, ඒ සඳහා අවශ්‍ය වන අතිරේක ප්‍රතිකාර පිළිබඳව ඔබ සමඟ සාකච්ඡා කරනු ඇත.

දන්ත බද්ධ කිරීම් සඳහා ජීවිත කාලය පුරාම පවතින වගකීම් සහතිකය

දන්ත බද්ධ කිරීමක් යනු දීර්ඝකාලීන කැපවීමකි. එමෙන්ම Cayo ආයතනයද ඔබ සමඟ එම කැපවීම බෙදාගත යුතු බව අපි විශ්වාස කරමු. Cayo මගින් සිදුකරන ලද, සුදුසුකම් ලබන දන්ත බද්ධ කිරීම් සඳහා අපගේ වගකීම් කොන්දේසිවලට යටත්ව Lifetime Implant Warranty සහතිකය හිමිවේ.

වගකීම් ආවරණය සහිත දන්ත බද්ධ කිරීමක් අසාර්ථක වුවහොත්, එය අසාර්ථක වූයේ මන්දැයි සහ එය නැවත ලබාදීම සායනිකව සුදුසුදැයි අපි පරීක්ෂා කර බලමු. එම අසාර්ථක වීම වගකීම් සහතිකයට යටත්ව සුදුසුකම් ලබන අතර නැවත දන්ත බද්ධ කිරීමක් තැබීමට හැකියාව පවතී නම්:

Cayo ආයතනය මගින් අදාළ දන්ත බද්ද කිරීම නැවත ලබාදෙනු ඇත.

වගකීම් සහතිකය යටතේ නැවත ලබාදෙන දන්ත බද්ද කිරීම සඳහා නැවත කිසිදු ගාස්තුවක් අය කරනු නොලැබේ.

ඔබගේ දන්ත බද්ද කිරීම කොටස් කිහිපයකින් සමන්විත වේ

මෙය තේරුම් ගැනීම වැදගත් වේ. සාමාන්‍යයෙන් සම්පූර්ණ කරන ලද දන්ත බද්ධ කිරීම් ප්‍රතිකාරයක් කොටස් කිහිපයකින් යුක්ත වේ:

දන්ත බද්දය

හකු අස්ථිය තුළ තන්තු ලෙස තැන්පත් කරනු ලබන කොටස

ආධාරකය

බද්ධ කිරීම සහ ප්‍රතිසංස්කරණය අතර සම්බන්ධතාවය.

දන්ත ඔටුනු සහ පාලම්

පිටතට දර්ශනය වන කෘත්‍රිම දත හෝ දත් ඇන්ද.

බද්ද කිරීම එක Cayo Lifetime Implant Warranty සහතිකය මගින් ආරක්ෂා කර ඇත. බද්ද කිරීමට සම්බන්ධ සුදුසුකම් ලබන දන්ත ඔටුනු සහ පාලම් කොටස් Cayo Lifetime Crown & Bridge Warranty සහතිකය මගින් ආවරණය වේ. මෙයින් අපට අසාර්ථක වී ඇත්තේ කුමන නිශ්චිත කොටසදැයි නිවැරදිව හඳුනාගෙන ඊට අදාළ නිවැරදි වගකීම් සහතිකය ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබේ.

දන්ත බද්ධ කිරීමක් අසාර්ථක වුවහොත් කුමක් සිදුවේද?

පළමුව, අපි ඒ පිළිබඳව සම්පූර්ණ පරීක්ෂණයක් සිදු කරන්නෙමු. දන්ත බද්ධ කිරීමක් අසාර්ථක වීමට විවිධ හේතු තිබිය හැකි අතර, හේතුව නිවැරදිව තේරුම් නොගෙන නැවත දන්ත බද්ධ කිරීමක් තැන්පත් කිරීම සුදුසු නොවිය හැක.

අපි දන්ත බද්ධ කිරීම , ඒ වටා ඇති අස්ථිය, විදුරුමස්, දත් එකිනෙක ගැටෙන ආකාරය (Bite) සහ අනෙකුත් අදාළ සාධක සියල්ල පරීක්ෂා කර බලන්නෙමු.

දන්ත බද්ධ කිරීම අසාර්ථක වීම වගකීම් සහතිකයේ ප්‍රතිකාර සඳහා සුදුසුකම් ලබන්නේ නම් සහ නැවත තැන්පත් කිරීම සායනිකව කළ හැකි නම්, අපි නැවත ප්‍රතිස්ථාපනය කිරීම සැලසුම් කරන්නෙමු.

අපගේ අරමුණ යම් කොටසක් අලුතින් යෙදීමම පමණක් නොවේ. එය අසාර්ථක වූයේ මන්දැයි වටහාගෙන වඩාත්ම ආරක්ෂිත මාවත තීරණය කිරීමයි.

ඔබේ වගකීම් කොටස

ජීවිත කාලය පුරාම රැකවරණය සඳහා හවුල්කාරිත්වයක් අවශ්‍ය වේ

Cayo ආයතනය අප විසින් සිදුකරන ප්‍රතිකාර සඳහා පූර්ණ වගකීම භාර ගනිමු. එමෙන්ම ඒවා නිසි පරිදි නඩත්තු කිරීමේ වගකීම භාර ගන්නා ලෙස අපි ඔබගෙන් ඉල්ලා සිටිමු. ඔබගේ Lifetime Treatment Warranty සහතිකය සක්‍රියව පවත්වා ගැනීමට පහත දැක්වෙන කරුණු අනුගමනය කරන්න:

අපි ලබාදුන් ප්‍රතිකාරයේ වගකීම සහතික කරමු. ඔබ එය ආරක්ෂා කරගැනීමට අපට සහාය වන්න.

මාස 6කට වරක් සිදු කෙරෙන පරීක්ෂාව මග හැරුණහොත් කුමක් සිදුවේද?

Cayo Lifetime Treatment Warranty සහතිකය සක්‍රියව පවත්වා ගැනීම සඳහා නිතිපතා සිදුකරන සායනික පරීක්ෂාවන් අනිවාර්ය කොන්දේසියකි. ඔබගේ වගකීම් සහතිකය බලාත්මකව පැවතීමට නම්, නියමිත මාස හයේ නඩත්තු චක්‍රය ඇතුළත Cayo ආයතනය මගින් වාර්තාගත දන්ත පරීක්ෂාවක් සිදුකර තිබීම අවශ්‍ය වේ. මෙම අනිවාර්ය පරීක්ෂාවන් නිසි පරිදි පවත්වා නොගතහොත්, ඔබගේ Lifetime Treatment Warranty සහතිකය අහෝසි වී යා හැක.

අපට නිරීක්ෂණය කිරීමට සහ නඩත්තු කිරීමට අවස්ථාව ලබා නොදෙන දන්ත ප්‍රතිකාර සඳහා, සීමාවකින් තොරව දීර්ඝකාලීන වගකීමක් ලබාදීමට සාධාරණ ලෙස හැකියාවක් නොමැති වීම ඊට හේතුවයි.

ජීවිත කාලය පුරාම පවතින වගකීම් සහතිකයක් සඳහා ජීවිත කාලය පුරාම පවතින නඩත්තුව අත්‍යවශ්‍ය වේ.

Cayo ආයතනය මගින් සියලුම ප්‍රතිකාර සඳහා වගකීම් නොදෙන්නේ මන්ද?

මන්ද සෑම දන්ත ප්‍රතිකාරයකටම සාධාරණ ලෙස දීර්ඝකාලීන වගකීමක් ලබා දීමට නොහැකි බැවිනි. දන්ත ප්‍රතිකාර සිදු කෙරෙන්නේ ජීවමාන ජෛව විද්‍යාත්මක පරිසරයක් තුළ ය. දත් දිරායාමට ලක්විය හැක, විදුරුමස්වල ස්වභාවය වෙනස් විය හැක, නව රෝගී තත්ත්වයන් හටගත හැක. දත් සෙලවීමට හෝ පිහිටීම වෙනස් වීමට හැක, ස්නායු පිරවුම් කළ දත්වල නැවත ගැටලු ඇතිවිය හැක. එමෙන්ම පුද්ගලික සෞඛ්‍ය තත්ත්වය, පුරුදු, මුව සෞඛ්‍ය පිරිසිදුකම සහ ජෛව විද්‍යාත්මක සාධක මගින් ප්‍රතිකාරවල සාර්ථකත්වයට බලපෑම් ඇති කළ හැක.

එම හේතුව නිසා, Cayo ආයතනය පහත දැක්වෙන ප්‍රතිකාර සඳහා ජීවිත කාලය පුරාම පවතින වගකීම් සහතිකයක් ලබා නොදෙයි:

මෙසේ පැවසීමෙන් අදහස් වන්නේ එම ප්‍රතිකාරවල ගුණාත්මකභාවය පිළිබඳ අප සතුව ඇති වගකීම නතර වන බව නොවේ. එයින් අදහස් වන්නේ රෝගියාට හෝ Cayo ආයතනයට සම්පූර්ණයෙන්ම පාලනය කළ නොහැකි ජෛව විද්‍යාත්මක සාධක මත දීර්ඝකාලීන ප්‍රතිඵලය රඳා පවතින ප්‍රතිකාර සඳහා, ඉටු කළ නොහැකි වගකීම් පොරොන්දු අප විසින් ලබා නොදෙන බවයි.

වගකීමක් යනු කිසිදා වැරදෙන්නේ නැති බවට පොරොන්දුවක් නොවේ

එය යම් හෙයකින් ගැටලුවක් ඇතිවුවහොත් අප කුමක් කරන්නේද යන්න පිළිබඳව ලබාදෙන පොරොන්දුවකි

ප්‍රතිකාරය නිම වූ පසු අපි ඔබව මඟහැර නොයන්නෙමු

අපි එම ප්‍රතිකාරය පිළිබඳව දිගටම සමාලෝචන සිදු කරන්නෙමු. ඊට අදාළ සියලු වාර්තා නිසියාකාරව පවත්වා ගන්නෙමු. එමෙන්ම වගකීම් සහතිකයට ඇතුළත් ප්‍රතිකාරයක සුදුසුකම් ලබන යම් අසාර්ථක වීමක් සිදු වූ විට, අප ඔබට ලබා දුන් වගකීම් සහතිකය වෙනුවෙන් පූර්ණ වගකීමෙන් පෙනී සිටින්නෙමු.

කිසිදු වගකිවයුතු දන්ත වෛද්‍ය ආයතනයකට දන්ත බද්ධ කිරීම්, දන්ත ඔටුනු හෝ පාලම් ප්‍රතිකාරයක කිසිදිනෙක කිසිදු ගැටලුවක් ඇති නොවන බවට පූර්ණ පොරොන්දු ලබා දිය නොහැක.

මිනිස් සිරුරේ ජෛව විද්‍යාත්මක ක්‍රියාකාරිත්වය සිදුවන්නේ එලෙස නොවේ. අපගේ Lifetime Treatment Warranty සහතිකයෙන් අදහස් වන්නේ ඊට වඩා වෙනස්, සැබෑ විශ්වාසනීයත්වයකින් යුතු බැඳීමකි.

Cayo ජීවිත කාලය පුරාම පවතින ප්‍රතිකාර වගකීම් සහතිකය

දන්ත ඔටුනු

දන්ත පාලම්

දන්ත බද්ධ

එක් ප්‍රධාන කොන්දේසියක් පමණි. සෑම මාස 6කට වරක්ම අප වෙත පැමිණෙන්න.

ඔබ Cayo සමඟ රැඳී සිටින තාක් කල් ප්‍රතිකාරය, නඩත්තුව සහ වගකීම අපෙන්.

Cayo Lifetime Treatment Warranty සහතිකය ලබා දීම සායනික සුදුසුකම් , මාස 6කට වරක් සිදුකරන Cayo දන්ත සායනික පසුපස පරීක්ෂාවන්, අනිවාර්ය නඩත්තු කිරීම්, නිසි මුව සෞඛ්‍ය පවත්වා ගැනීම සහ ලබාදෙන සායනික උපදෙස් පිළිපැදීම මත පදනම් වේ.

මෙම වගකීම් ආවරණය අදාළ වන්නේ Cayo ආයතනය මගින් සිදුකරන ලද සුදුසුකම් ලබන ප්‍රතිකාරවල සිදුවන තාක්ෂණික අසාර්ථක වීම් සඳහා පමණක් වන අතර, එය ජෛව විද්‍යාත්මක රෝගී තත්ත්වයන් , හදිසි අනතුරු/හානි , රෝගියාගේ මුව තුළ ඇතිවන වෙනත් වෙනස්වීම් හෝ අනෙකුත් වගකීම් සහතිකයෙන් බැහැර කර ඇති කරුණු සඳහා ලබාදෙන සහතිකයක් නොවේ.

නැවත ප්‍රතිස්ථාපනය කිරීම සායනිකව කළ නොහැකි හෝ යෝග්‍ය නොවන අවස්ථාවලදී Cayo ආයතනයේ සායනික තීරණය අදාළ වේ. ප්‍රතිකාර ආරම්භ කිරීමට පෙර සම්පූර්ණ වගකීම් කොන්දේසි සහ බැහැර කිරීම් පිළිබඳ තොරතුරු රෝගියා වෙත ලබා දිය යුතුය.