විනිවිද පෙනෙන අලයිනර්ස්
ලෝහ බ්‍රැකට්ස් හෝ කම්බිවලින් තොරව, ඔබ වෙනුවෙන්ම විශේෂයෙන් සකස් කළ විනිවිද විනිවිද පෙනෙන අලයිනර්ස් භාවිතයෙන්, කිසිදු වෙහෙසකින් තොරව ඔබේ දත් පෙළ සෘජු කරගෙන ඔබේ ආත්ම විශ්වාසය වර්ධනය කරගන්න.
මුල් පිටුව
>>
සේවාවන්
>>
විනිවිද පෙනෙන අලයිනර්ස්
දළ විශ්ලේෂණය
විනිවිද පෙනෙන අලයිනර්ස් යනු කුමක්ද?
විනිවිද පෙනෙන අලයිනර්ස් යනු දත් පෙළ සෘජු කර ගැනීම සඳහා බිහි වූ නවතම ක්‍රමයයි. කාලයත් සමඟ ඔබේ දත් ක්‍රමයෙන් නිවැරදි ස්ථානයට ගෙන යාමට අවශ්‍ය අභිරුචි ලෙස සකස් කරන ලද පැහැදිලි තැටි සෑදීම සඳහා ඒවා නවීන 3D ස්කෑන් සහ පරිගණක ප්‍රතිකාර සැලසුම් කිරීම භාවිතා කරයි. ආහාර ගැනීමට, බීමට හෝ දත් මදින විට ඔබට අවශ්‍ය ඕනෑම වේලාවක මෙම තැටි ඉවත් කර ගත හැක.
නොපෙනෙන බව
ඔබේ මුව තුළ කිසිදු උපකරණයක් ඇති බව කිසිවකුට නොපෙනෙන ලෙස දත් පෙළ සෘජු කර ගන්න.
ගැලවිය හැකි සහ පහසු බව
කෑමට, බීමට හෝ උත්සවවලට සහභාගී වන විට ඔබේ තැටි ගලවා තැබිය හැකිය.
සුවපහසුව
මෘදු ප්ලාස්ටික් තැටි මඟින් ලෝහ වයර් සහ බ්‍රැකට්ස් නිසා මුව තුළ ඇති වන තුවාල වළක්වයි.
මුව සනීපාරක්ෂාව
උපකරණ වටා පිරිසිදු කරන්නේ කෙසේදැයි කරදර නොවී සාමාන්‍ය පරිදි දත් මදින්න සහ දත් අතර පිරිසිදු කරන්න
පූර්ව පුරෝකථනය කළ හැකි වීම
ආරම්භයේ සිට අවසානය දක්වා ඔබේ සිනහව වෙනස් වන ආකාරය කල්තියා බලාගත හැක.
පිරිනැමීම
විනිවිද පෙනෙන අලයිනර්ස් කිරීමේ සේවා
- ඩිජිටල් සිනහ තක්සේරුව : උසස් අභ්‍යන්තර මුඛ ස්කෑනර් ආධාරයෙන් ඩිජිටල් සිනහව තක්සේරුව.
- 3D ප්‍රතිකාර සැලැස්ම : සියලුම අදියරයන් හරහා ඔබේ දත්වල නිවැරදි චලනයන් පෙන්වන පරිගණකගත ප්‍රතිකාර සැලැස්ම.
- විනිවිද පෙනෙන අලයිනර්ස් ප්‍රතිකාරය: ඔබේ දත් පරිපූර්ණ ලෙස පෙළගස්වන අභිරුචිකරණය කළ විනිවිද පෙනෙන අලයිනර්ස් කට්ටලයක් ලබා දීම.
- ප්‍රතිකාර ප්‍රගතිය නිරීක්ෂණය කිරීම: ඔබේ ඩිජිටල් ප්‍රතිකාර සැලැස්මට අනුව ඔබේ දත් චලනයන් නිරීක්ෂණය කිරීම සඳහා නිතිපතා පරීක්ෂා කිරීම්.
- රැඳවුම් සැලැස්ම : ඔබේ දත්වල සෘජු බව සදාකාලිකවම පවත්වා ගැනීම සඳහා සකස් කරන ලද රඳවා තබා ගන්නා උපකරණ.
- දිගු කාලීන පසු විපරම : කල් පවතින ව්‍යුහාත්මක සහ සෞන්දර්යාත්මක ප්‍රතිඵල සහතික කිරීම සඳහා අඛණ්ඩ සායනික සහයෝගය.
ක්‍රියාවලිය
ඔබේ ප්‍රතිකාර සැලැස්ම
01
ඩිජිටල් සිනහ ඇගයීම
පළමු පියවර ලෙස අපගේ මුඛගත ස්කෑනිං තාක්ෂණය මඟින් ඔබේ දත්වල නිවැරදි 3D ඩිජිටල් සටහනක් ලබා ගැනීම සිදු කෙරේ—මෙහිදී අපහසු සාම්ප්‍රදායික ආකෘති ද්‍රව්‍ය භාවිත කිරීම අවශ්‍ය නොවේ.
02
3D ඩිජිටල් ප්‍රතිකාර සැලැස්ම
ඔබේ දත් නිවැරදිව චලනය වන ආකාරය සහ ප්‍රතිකාරය සඳහා ගතවන කාලය නිවැරදිව සැලසුම් කරමින්, ඔබටම ආවේණික වූ 3D ප්‍රතිකාර සැලැස්මක් අපි සකස් කරමු.
03
ඔබේ විනිවිද පෙනෙන අලයිනර්ස් ලබා ගැනීම
ඔබ සඳහාම සකස් කළ අලයිනර්ස් කට්ටල සමඟ ඒවා දිනපතා පැය 20-22 අතර කාලයක් පළඳින්නේ කෙසේද යන්න පිළිබඳ උපදෙස් ඔබට හිමිවේ.
04
අධීක්ෂණය සහ රඳවා තබා ගැනීම
ප්‍රතිකාරය අවසන් වන තෙක් සෑම සති 1-2 කට වරක් ඔබට නව අලයිනර්ස් කට්ටල ලැබෙන අතර, වරින් වර අපගේ සායනය වෙත පැමිණ පරීක්ෂා කර ගත යුතුය. ප්‍රතිකාරයෙන් පසු ඔබේ සිනහව ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීමට රඳවන (retainers) ලබා දෙනු ලැබේ.
අපව තෝරා ගන්නේ ඇයි?
විනිවිද පෙනෙන අලයිනර්ස් සඳහා Cayo Dental තෝරා ගන්නේ ඇයි?
අපි නවීන ඩිජිටල් දන්ත වෛද්‍ය විද්‍යාව කරුණාවන්ත, රෝගියාට මුල්තැන දෙන ප්‍රවේශයක් සමඟ ඒකාබද්ධ කරමු — ඒ හරහා ඔබේ ප්‍රතිකාර ක්‍රියාවලියේ සෑම පියවරකදීම ඔබට අවශ්‍ය සහය ලැබෙන බව අපි තහවුරු කරමු.
- 100% ක් ඩිජිටල් ක්‍රියාවලිය : අති නවීන 3D CBCT ස්කෑන් තාක්ෂණය භාවිතයෙන් සිදු කරන නිරවද්‍ය රූපගත කිරීම් මඟින් ඔබේ මුවට මනාව ගැළපෙන, සුවපහසු අඅලයිනර්ස් තැටි සහතික කෙරේ.
- ඔබට විශේෂිත වූ සායනික අධීක්ෂණය: ඔබේ ප්‍රතිකාරයේ සියලුම අදියර වෘත්තීය දන්ත වෛද්‍යවරුන් විසින් නිරීක්ෂණය කරනු ලැබේ.
- ඔබේ ජීවන රටාවට පහසුවෙන් ගැළපේ : ආහාර සීමා කිරීම් හෝ පෙනුම පිළිබඳ ගැටලු ඇති කරගැනීමකින් තොරව, ඔබේ දෛනික ජීවන රටාවට පහසුවෙන් ගැළපෙන පරිදි සකස් කර ඇත.
FAQ
නිතර අසන ප්‍රශ්න
මම දිනකට පැය කීයක් විනිවිද පෙනෙන අලයිනර්ස් පළඳින්න ඕනේද?
හොඳම ප්‍රතිඵල ලබා ගැනීම සඳහා, ඔබ දිනකට පැය 20 සිට 22 දක්වා කාලයක් විනිවිද පෙනෙන අලයිනර්ස් පැළඳිය යුතුය. ආහාර ගැනීමට, බීමට (වතුර හැර වෙනත් ඕනෑම බීම වර්ගයක්), දත් මැදීමට සහ floss කිරීමට පමණක් ඒවා ඉවත් කළ හැක.
දන්ත බද්ධ කිරීම් කොපමණ කාලයක් පවතීද?
ප්‍රතිකාරය අවසන් කිරීමට ගතවන කාලය ඔබේ දත්වල ස්වභාවය සහ සංකීර්ණතාවය මත රඳා පවතී, නමුත් සාමාන්‍යයෙන් මාස 6 සිට 18 දක්වා කාලයක් ප්‍රමාණවත් වේ.
විනිවිද පෙනෙන අලයිනර්ස් භාවිතයට වයස් සීමාවක් තිබේද?
නැත, විනිවිද පෙනෙන අලයිනර්ස් නව යොවුන් වියේ පසුවන්නන් සහ වැඩිහිටියන් යන දෙපිරිසටම ඉතා හොඳින් ප්‍රතිඵල ලබා දෙයි.