කායෝ විශේෂිත සිනහව නැවත හැඩගැන්වීම

>>

පැකේජ

ඔබගේ සිනහවට අවශ්‍ය ඕනෑම දෙයක්

එක් දත් ඇන්දක්. එක් සම්පූර්ණ සැලසුමක්. එක් ස්ථිර ගාස්තුවක්.

ඔබගේ සිනහවට අවශ්‍ය වන්නේ එක් ප්‍රතිකාරයක් පමණක් විය හැක. නැතහොත් ප්‍රතිකාර කිහිපයක එකතුවක් විය හැක.

ඔබට අහිමි වූ දත්, හානි වූ දත්, ඇද වූ දත්, අතරමැදි පරතරයන්, පැරණි දන්ත ඔටුනු, අවපැහැ ගැන්වුණු දත් හෝ ගැටලු කිහිපයක එකතුවක් තිබිය හැක.

රු. 850,000

Cayo Signature Smile Makeover මගින් ඔබට එකිනෙක ප්‍රතිකාර වෙන වෙනම තෝරාගැනීමට හෝ එක එක ක්‍රියාවලිය සඳහා යන පිරිවැය එකතු කර බලමින් ලතැවීමට අවශ්‍ය නොවේ. අපි ඔබගේ සමස්ත සිනහව දෙසම එකට අවධානය යොමු කරමු. නිවැරදි ප්‍රතිකාර සැලසුම අපි සකස් කරන්නෙමු. තවද එක් දත් ඇන්දක් සඳහා ඔබට හිමිවන්නේ එක් ස්ථිර ගාස්තුවක් පමණි.

තනි ප්‍රතිකාර පිළිබඳව සිතීම නවත්වන්න

ඔබගේ සමස්ත සිනහව පිළිබඳව සිතන්න

සාම්ප්‍රදායික දන්ත ප්‍රතිකාර සඳහා ගාස්තු අය කරනු ලබන්නේ එක් එක් ක්‍රියාවලිය සඳහා වෙන වෙනමය. ක්‍රවුන් එකකට එක් ගණනකි. ඉම්ප්ලාන්ට් එකකට තවත් ගණනකි. අලයිනර්ස් සඳහා තවත් ගණනකි. එමෙන්ම, අතරමගදී පිරවුම් (Fillings), දත් සුදු කිරීම (Whitening), ස්නායු පිරවුම් (Root Canal Treatment) හෝ වෙනත් ප්‍රතිකාර සඳහාද පිරිවැයක් එකතු විය හැක.

තම සිනහවේ පැහැදිලි විශාල වෙනසක් කිරීමට බලාපොරොත්තු වන අයෙකුට මෙය ඉතා සංකීර්ණ තත්ත්වයක් විය හැක. අපට අවශ්‍ය වූයේ එය වඩාත් සරල කිරීමටයි.

Cayo Signature Smile Makeover ආරම්භ වන්නේ ඔබටම කියා ප්‍රතිකාර පැකේජයක් සාදා ගැනීමට පැවසීමෙන් නොව, අපට ලබා ගැනීමට අවශ්‍ය අවසාන විශිෂ්ට ප්‍රතිඵලය මුලික කරගනිමිනි.

ප්‍රතිකාර සංකලනය මත පදනම්ව මිල වෙනස් නොවේ

ඔබගේ Smile Makeover ප්‍රතිකාර සැලසුම අනුමත වූ පසු, එයට ඇතුළත් වන ප්‍රතිකාරවල එකතුව කුමක් වුවත් ගාස්තුව ස්ථිරවම පවතී.

එක් දත් ඇන්දක්

රු.850,000

තනි තනි ක්‍රියාවලීන්ගේ මිල ගණන් අනුව ප්‍රතිකාර තේරීමට උත්සාහ කරනවා වෙනුවට, ඔබගේ සිනහවට වඩාත්ම සුදුසු සහ නිවැරදි දේ පිළිබඳව පමණක් අවධානය යොමු කිරීමට මෙය උපකාරී වේ.

ඔබගේ Smile Makeover එකට ඇතුළත් විය හැක්කේ මොනවාද?

වෙනස් ප්‍රතිකාර. එක් සිනහවක්.

සියලු දෙනාටම එක හා සමාන සම්මත Smile Makeover එකක් නොමැත. ඔබගේ ප්‍රතිකාරය තෝරාගනු ලබන්නේ ඔබට සැබවින්ම අවශ්‍ය දේ මත පදනම්වය. ඔබගේ පුද්ගලික ප්‍රතිකාර සැලසුමට පහත දෑ අතුරින් සුදුසු ප්‍රතිකාර සංකලනයක් ඇතුළත් විය හැක: 

දන්ත බද්ධ කිරීම්

දන්ත බද්ධ කිරීම සායනිකව සුදුසු අවස්ථාවලදී, අහිමි වූ දත් නැවත ලබා ගැනීම සඳහා.

දන්ත ඔටුනු

හානි වූ, දුර්වල වූ හෝ බරපතල ලෙස අලුත්වැඩියා කරන ලද දත් යථා තත්ත්වයට පත් කිරීම සඳහා.

දන්ත ආවරණ

සුදුසු දත්වල බාහිර පෙනුම සහ නිමාව වැඩිදියුණු කිරීම සඳහා.

විනිවිද පෙනෙන අලයිනර්ස්

දත් තැනින් තැනට ගෙන යාම (Orthodontic movement) සුදුසු අවස්ථාවලදී දත්වල පිහිටීම නිවැරදි කිරීම සඳහා.

දත් සුදු කිරීම

සැලසුම් කළ සිනහවේ කොටසක් ලෙස ඔබගේ ස්වාභාවික දත්වල දීප්තිය වැඩි කිරීම සඳහා.

දත් පිරවුම් සහ ප්‍රතිසංස්කරණ

ඔබගේ සිනහව සම්පූර්ණ කිරීමට පෙර ප්‍රතිකාර අවශ්‍ය දත් යථා තත්ත්වයට පත් කිරීම සඳහා.

ස්නායු පිරවුම්

සුදුසු දත් ආරක්ෂා කරගනිමින් නැවත භාවිතයට ගැනීමට අවශ්‍ය වන අවස්ථාවලදී.

දත් ගැලවීම

සැලසුම් කළ අවසාන ප්‍රතිඵලය ලබා ගැනීම සඳහා දතක් තවදුරටත් තබා ගැනීමට නොහැකි අවස්ථාවලදී.

විදුරුමස් සත්කාර

ප්‍රතිකාර සම්පූර්ණ කිරීමට පෙර විදුරුමස්වල සෞඛ්‍ය තත්ත්වය වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍ය වන අවස්ථාවලදී.

අනුබද්ධ දන්ත සත්කාර

එකඟ වූ Smile Makeover ප්‍රතිකාර සැලසුම සම්පූර්ණ කිරීම සඳහා සායනිකව අවශ්‍ය වන අනෙකුත් සාමාන්‍ය දන්ත වෛද්‍ය ක්‍රියාවලීන්.

Cayo Signature Smile Makeover සුදුසු වන්නේ කා සඳහාද?

ඔබගේ සිනහවට අදාළව කරුණු එකකට වඩා වැඩි ප්‍රමාණයක් පිළිබඳව අවධානය යොමු කිරීමට තිබේ නම්, Smile Makeover එකක් පිළිබඳව සැලකිලිමත් වීම සුදුසුය:

ඔබට අවශ්‍ය වන්නේ කුමන දන්ත ක්‍රියාවලීන් (Procedures) ද යන්න ඔබ දැන සිටීම අත්‍යවශ්‍ය නොවේ. අපගේ මූලික පරීක්ෂාව (Assessment) පවත්වන්නේ ඒ සඳහාමය.

මට අවශ්‍ය වන්නේ එක් ප්‍රතිකාරයක් පමණක් නම් කුමක් වේද?

එසේ නම් Signature Smile Makeover ඔබට වඩාත්ම සුදුසු විකල්පය නොවීමට හැක.

තලවතුගොඩ Cayo Dental වෙතින් තනි පුද්ගල ප්‍රතිකාර සේවාවන් ද (Individual Signature Treatments) ලබා ගත හැක. ඔබගේ ගැටලුව එක් ප්‍රතිකාරයකින් සාර්ථකව විසඳිය හැකි නම්, අපි එම විකල්පය පිළිබඳව ඔබ සමඟ සාකච්ඡා කරමු.

දන්ත බද්ධ කිරීම්

රු.100,000 සිට

දන්ත ඔටුනු

රු.45,000 සිට

විනිවිද පෙනෙන අලයිනර්ස්

රු.450,000

ඔබගේ Smile Makeover ගමනාන්තය

සාකච්ඡාවේ සිට නව සිනහව දක්වා පියවර 6ක්

01

ඔබගේ සිනහව ගැන අපට පවසන්න

ඔබගේ පියවර ආරම්භ වන්නේ සුහද සාකච්ඡාවකිනි. ඔබ කැමති දේ, අකමැති දේ සහ වෙනස් කිරීමට වඩාත්ම කැමති දේ කුමක්දැයි අපට පවසන්න. 

02

සිනහව පිළිබඳ මූලික පරීක්ෂාව

අපි ඔබගේ දත්, විදුරුමස්, හකු පිහිටීම (Bite) සහ කලින් කරන ලද දන්ත සත්කාර පරීක්ෂා කරන්නෙමු. සුදුසු අවස්ථාවලදී ඩිජිටල් ස්කෑන්, ඡායාරූප හෝ වෙනත් පරීක්ෂණ නිර්දේශ කරනු ලැබේ.

03

ඔබගේ සිනහව සඳහා වන සැලසුම

අප ලබාගත් තොරතුරු සියල්ල එකතු කර, ඔබගේ සිනහව සඳහා වඩාත්ම සුදුසු ප්‍රතිකාර සංකලනය කුමක්දැයි තීරණය කරන්නෙමු. ඔබ ප්‍රතිකාර ලැයිස්තුවකින් තෝරා ගැනීමක් සිදු නොකරයි — අපි ඔබ වටා ප්‍රතිකාර සැලසුම නිර්මාණය කරමු.

04

ඔබගේ ගමනාන්තය තේරුම් ගන්න

ආරම්භ කිරීමට පෙර, යෝජිත ප්‍රතිකාර, එහි විවිධ අදියර සහ මුළු ක්‍රියාවලිය පුරාම ඔබට බලාපොරොත්තු විය හැකි දේ අපි පැහැදිලි කරන්නෙමු. ඉදිරියට යා යුතුද නැද්ද යන්න තීරණය කිරීමට පෙර ප්‍රශ්න ඇසීමට ඔබට පූර්ණ අවස්ථාව හිමිවේ.

05

ඔබගේ සිනහවේ පරිවර්තනය ආරම්භ කරන්න

ඔබගේ සැලසුම පිළිබඳව ඔබ තෘප්තිමත් වූ පසු, එකඟ වූ අනුපිළිවෙලට ප්‍රතිකාර ආරම්භ වේ. ඇතැම් Smile Makeover සරල විය හැක. තවත් සමහරක් අදියර කිහිපයක් පුරා සිදුවිය හැක. මුළු ක්‍රියාවලිය පුරාම අපි ඔබට මඟ පෙන්වන්නෙමු.

06

ඔබගේ නව සිනහව

සැලසුම් කළ ප්‍රතිකාර සම්පූර්ණ වූ පසු, අපි අවසාන ප්‍රතිඵලය ඔබ සමඟ සමාලෝචනය කර ඉදිරියට ඔබගේ දත් සහ ප්‍රතිසංස්කරණය කරන ලද කොටස් රැකබලා ගන්නේ කෙසේදැයි පැහැදිලි කරන්නෙමු. මන්ද Smile Makeover එක සම්පූර්ණ වීම අපගේ සබඳතාවයේ අවසානය නොවන බැවිනි.

එක් දත් ඇන්දක්. එක් දැක්මක්.

එක් දත් ඇන්දක් පමණක් තෝරාගන්නේ ඇයි?

ඔබගේ සිනහව මූලික වශයෙන් නිර්මාණය වන්නේ එකට දර්ශනය වන එක් දත් ඇන්දක (Arch) ඇති දත්වලිනි.

එක් එක් දත වෙන වෙනම සැලසුම් කරනවා වෙනුවට, එකම දත් ඇන්දේ ඇති සියලුම දත් එකට එකතු කර සැලසුම් කිරීමෙන් පහත කරුණු පිළිබඳව පූර්ණ අවධානය යොමු කිරීමට අපට හැකියාව ලැබෙයි: 

එබැවින්, Cayo Signature Smile Makeover මගින් ආවරණය වන්නේ එක් දත් ඇන්දක් සඳහා වන එකඟ වූ සම්පූර්ණ ප්‍රතිකාර සැලසුමයි. 

දත් ඇන්දි දෙකම සඳහා ප්‍රතිකාර අවශ්‍ය නම් කුමක් වේද?

ඇතැම් රෝගීන්ට උඩ සහ යට දත් ඇන්දි දෙකම ආවරණය වන පරිදි ප්‍රතිකාර ලබා ගැනීම වඩාත් ප්‍රතිඵලදායක විය හැක.

ඔබගේ තත්ත්වයද එසේ නම්, මූලික පරීක්ෂාවෙන් (Assessment) පසුව ඒ සඳහා වඩාත්ම සුදුසු ප්‍රවේශය පිළිබඳව අපි සාකච්ඡා කරන්නෙමු. වඩාත් නිවැරදි සායනික ප්‍රතිඵලය ලබා ගැනීමට එක් දත් ඇන්දකට පමණක් ප්‍රතිකාර කිරීම ප්‍රමාණවත්ද, නැතහොත් දත් ඇන්දි දෙකම සඳහා ප්‍රතිකාර කිරීම සුදුසුද යන්න ඔබගේ දන්ත වෛද්‍යවරයා විසින් පැහැදිලි කරදෙනු ඇත.

Cayo සිනහවක ඇති විශේෂත්වය කුමක්ද?

එය එක් නිශ්චිත ප්‍රතිකාරයක් පමණක් නොවේ.

Cayo සිනහවක් යනු වෙනියර්ස් (Veneers) මතම පමණක් තීරණය වන්නක් නොවේ. එය ඉම්ප්ලාන්ට් මත හෝ සම්පූර්ණයෙන්ම සෘජු වූ දත් මතම පමණක් තීරණය වන්නක්ද නොවේ. එයින් අදහස් වන්නේ ඔබගේ පුද්ගලික තත්ත්වයට වඩාත්ම සුදුසු ප්‍රතිකාරයන් එකිනෙක සම්බන්ධ කරමින් එක් ඒකාබද්ධ සැලසුමකට ගෙන ඒමයි.

එම සැලසුම පිටුපස පවතින්නේ සායනික සත්කාර, ඩිජිටල් දන්ත වෛද්‍ය විද්‍යාව (Digital Dentistry) සහ දන්ත තාක්ෂණිකගාර සහාය (Dental Laboratory Support) මුසු වූ Cayo ආයතනයේ පුළුල් සේවා ප්‍රවේශයයි.

එකට සැලසුම් කෙරේ. එකට ප්‍රතිකාර කරනු ලැබේ. ඔබ වටාම නිර්මාණය වේ.

නව සිනහව පිළිබඳ මූලික පරීක්ෂාවන්

සිකුරාදා සහ සෙනසුරාදා

තලවතුගොඩ Cayo දන්ත රෝහලේදී Cayo Signature Smile Makeover සඳහා වන නව රෝගීන් පරීක්ෂා කරනු ලබන්නේ ඒ සඳහාම වෙන්කර ඇති සිකුරාදා සහ සෙනසුරාදා යන දිනවලදීය.

ඔබගේ පළමු පැමිණීම වෙන්වන්නේ ඔබගේ සිනහව, ඔබගේ ගැටලු සහ ලබාගත හැකි සාර්ථක ප්‍රතිඵල මොනවාදැයි තේරුම් ගැනීම සඳහාය.

පැමිණීමට පෙර ප්‍රතිකාරය පිළිබඳව තීරණය කිරීමට ඔබට අවශ්‍ය නොවේ.

ඔබට අවශ්‍ය වන්නේ දන්ත බද්ධ කිරීම් , දන්ත ඔටුනු , අලයිනර්ස් හෝ වෙනියර්ස් ද යන්න දැන සිටීමට අවශ්‍ය නොවේ.

ඔබ වෙනස් කිරීමට කැමති කුමක්දැයි පමණක් අපට පවසන්න.

අපි එතැනින් ආරම්භ කරමු.

ඔබගේ සිනහවේ වෙනස් කිරීමට කැමති කුමක්ද?

අපි ඔබගේ සමස්ත සිනහව දෙසම එකට අවධානය යොමු කරමු

නව රෝගීන් පරීක්ෂා කිරීම — සිකුරාදා සහ සෙනසුරාදා

Cayo විශේෂිත සිනහව නැවත හැඩගැන්වීම

රු.850,000

එක් දත් ඇන්දක්. එක් සම්පූර්ණ සැලසුමක්. එක් ස්ථිර ගාස්තුවක්.

Cayo Signature Smile Makeover සේවාව ලබා දෙනු ලබන්නේ සායනික පරීක්ෂාවෙන්  පසුව සහ එම ප්‍රතිකාරයේ සුදුසුකම තහවුරු කිරීමෙන් අනතුරුවය. රු. 850,000 පැකේජය අදාළ වන්නේ එක් දත් ඇන්දකට සහ එකඟ වූ Signature Smile Makeover ප්‍රතිකාර සැලසුමට ඇතුළත් කර ඇති ප්‍රතිකාර සඳහා පමණි. එක් එක් පුද්ගලයාගේ සායනික අවශ්‍යතා අනුව ප්‍රතිකාර අනුපිළිවෙල සහ ගතවන කාලය වෙනස් විය හැක. Signature Smile Makeover සේවාවට ඇතුළත් නොවන හෝ එයින් බාහිරව සිදුවන ඕනෑම ප්‍රතිකාරයක් ප්‍රතිකාර ආරම්භ කිරීමට පෙර හඳුනාගෙන පැහැදිලි කර දෙනු ලැබේ.