සේවාවන්
අපගේ දන්ත වෛද්‍ය සේවාවන්
ඔබව අප වෙත ගෙන එන ඕනෑම දන්ත ගැටලුවකදී, ඔබේ සිනහව වෙනුවෙන් රැකවරණය
ඔබේ දතක් අහිමි වී තිබිය හැක. නැතහොත් දතක් නැවත නැවතත් කැඩී යාම සිදු වෙනවා විය හැක. සමහරවිට ඔබට වඩාත් සෘජු දත් දෙපළක්, වඩාත් දීප්තිමත් සිනහවක් අවශ්‍ය විය හැක, නැතහොත් කාලයක් පුරා ඔබව පීඩාවට පත් කරන දන්ත ගැටලුවකට විසඳුමක් පමණක් අවශ්‍ය විය හැක.
තලවතුගොඩ Cayo දන්ත රෝහලේදී (Cayo Dental Hospital), ඔබට සිදුවී ඇත්තේ කුමක්දැයි වටහා ගැනීමට සහ ඔබට වඩාත්ම සුදුසු ප්‍රතිකාරය සොයා ගැනීමට අපි ඔබට උපකාර කරන්නෙමු.
ඔබට අවශ්‍ය ප්‍රතිකාරය කුමක්දැයි නිශ්චිතවම නොදන්නේද?
එය ගැටලුවක් නොවේ. පූර්ව වේලාවක් වෙන් කරවා ගැනීමෙන් (Appointment) ආරම්භ කර ඔබේ ගැටලුව කුමක්දැයි අපට පවසන්න.
අපගේ විශිෂ්ටතම ප්‍රතිකාර
අපගේ රෝගීන්ට උපකාරී වන ප්‍රධානතම ප්‍රතිකාර ක්‍රම තුන
දන්ත බද්ධ කිරීම්
දතක් අහිමි වී තිබේද? එය නැවත ලබා ගැනීම ගැන කතා කරමු
දතක් අහිමි වීම ඔබට ආහාර ගන්නා ආකාරයට, කතා කරන ආකාරයට සහ විශ්වාසයෙන් යුතුව සිනාසෙන ආකාරයට බලපෑම් කළ හැක.
දන්ත බද්ධ කිරීම් යනු අහිමි වූ දතක් වෙනුවට ස්ථිරවම යෙදිය හැකි ප්‍රතිකාර ක්රමයකි. එය හකු අස්ථිය තුළ සවිකරනු ලබන අතර, අහිමි වූ දතෙහි පෙනුම සහ ක්‍රියාකාරීත්වය නැවත ලබා දීම සඳහා සකස් කළ දන්ත ඔටුන්නකට (crown) ආධාරකයක් ලෙස ක්‍රියා කරයි.
පහත සඳහන් අවස්ථාවන් සඳහා දන්ත බද්ධ කිරීම් සලකා බැලිය හැක:
- අහිමි වූ තනි දතක් සඳහා
- අහිමි වූ දත් කිහිපයක් සඳහා
- නැවත සුරක්ෂිත කළ නොහැකි දත් සඳහා
- දන්ත සවි කිරීම්වලට (bridges) ආධාරකයක් ලෙස
- වඩාත් පුළුල් ලෙස දත් නැවත සවිකිරීම් අවශ්‍ය වන තෝරාගත් රෝගීන් සඳහා
දන්ත බද්ධ කිරීමක් ඔබට සුදුසු ද නැද්ද යන්න ඔබේ දන්ත වෛද්‍යවරයා විසින් ඇගයීමට ලක් කරනු ලබන අතර, ඔබේ පෞද්ගලික ප්‍රතිකාර සැලැස්මට ඇතුළත් වන්නේ කුමක්දැයි පැහැදිලි කර දෙනු ඇත.
දන්ත ඔටුනු
හානි වූ දතකට නැවත පණක් ලබා දෙන්න
දරුණු ලෙස හානි වූ සෑම දතක්ම ගැලවීමට අවශ්‍ය නොවේ.
දන්ත ඔටුන්නක් මගින් සුදානම් කළ දතක් සම්පූර්ණයෙන්ම ආවරණය කර ආරක්ෂා කරන අතරම එහි හැඩය, ශක්තිය සහ පෙනුම නැවත ලබා දෙයි.
පහත අවස්ථාවලදී දන්ත ඔටුන්නක් නිර්දේශ කළ හැක:
- දතක් කැඩී හෝ පැලී ඇත්නම්
- විශාල ලෙස පිරවුම් සිදුකර ඇත්නම්
- දත දුර්වල වී ඇත්නම්
- ගෙවී ගොස් ඇත්නම්
- ස්නායු පිරවුම් කර ඇත්නම්
- දරුණු ලෙස අවපැහැ ගැන්වී ඇත්නම්
- හැඩය හෝ පෙනුම අප්‍රසන්න නම්
දත් කිහිපයකට ප්‍රතිකාර අවශ්‍ය වන විට වඩාත් පුළුල් සිනහව නැවත ලබා ගැනීමේ ප්‍රතිකාරයක කොටසක් ලෙසද දන්ත ඔටුනු යොදා ගත හැක
පිළිසකර කරනු ලබන දත සහ ඔබේ පෞද්ගලික අවශ්‍යතා අනුව විවිධ ද්‍රව්‍ය සහ ප්‍රතිකාර ක්‍රම ලබා ගත හැකිය.
විනිවිද පෙනෙන අලයිනර්ස්
සාම්ප්‍රදායික බ්‍රේසස් නොමැතිව වඩාත් සෘජු සිනහවක්.
ඔබ ඔබේ දත් පේළිය සෘජු කර ගැනීමට සිතමින් සිටින නමුත් සාම්ප්‍රදායික බ්‍රේසස් පළඳින්නට අකමැති නම්, සුදුසු අවස්ථාවලදී විනිවිද පෙනෙන අලයිනර්ස් ඒ සඳහා විකල්පයක් සපයයි.
ඔබ උදෙසා විශේෂයෙන් සකස් කරන ලද ඇලයිනර් මාලාවක් මගින් ඔබේ දත් සැලසුම් කළ පිහිටීමට ක්‍රමයෙන් යොමු කරවයි.
පහත සඳහන් තෝරාගත් අවස්ථාවන් සඳහා විනිවිද පෙනෙන අලයිනර්ස් උපකාරී විය හැක:
- තෙරපුණු දත් සඳහා
- දත් අතර ඇති හිඩැස්
- ඉදිරියට නෙරා ඇති දත්
- සමහර දත් සැපීමේ ගැටලු
- පූර්ව දන්ත විකලාංග ප්රතිකාරවලින් (orthodontic treatment) පසුව නැවත දත් වෙනස් වීම්
විනිවිද පෙනෙන අලයිනර්ස් ඔබේ දත් සඳහා සුදුසු ද නැද්ද යන්න තීරණය කිරීමට ප්‍රථමයෙන් පරීක්ෂාවකට භාජනය වීම ඔබේ පළමු පියවරයි.
ඔබේ සිනහව වඩාත් ලස්සන කර ගන්න
සමහර විට කුඩා වෙනසකින් විශාල වෙනසක් සිදු කළ හැක.
ඔබේ සිනහව ලස්සන කර ගැනීමට අනිවාර්යයෙන්ම දන්ත ගැටලුවක් තිබීම අවශ්‍ය නොවේ.
ඔබේ දත්වල ඇති යම් දෙයක් නිසා ඔබේ විශ්වාසයට බාධාවක් වී ඇත්නම්, ඔබට වෙනස් කර ගැනීමට අවශ්‍ය කුමක්දැයි අප සමඟ කතා කරන්න.
දත් සුදු කිරීම
වඩාත් දීප්තිමත් සිනහවක්.
කාලයත් සමඟ දත් ස්වාභාවිකවම අඳුරු පැහැයට හැරෙන අතර, ආහාර, පාන වර්ග සහ ජීවන රටාවේ පුරුදු නිසාද පැල්ලම් ඇති විය හැක.
වෘත්තීය මට්ටමේ දත් සුදු කිරීමේ ප්‍රතිකාර මගින් (Professional teeth whitening) සුදුසු රෝගීන්ගේ ස්වාභාවික දත්වල දීප්තිය වැඩි කිරීමට උපකාරී වේ.
රු.75,000
දන්ත ආවරණ
ඔබේ සිනහවේ පෙනුම වෙනස් කර ගන්න.
දත්වල පැහැය, හැඩය, ප්‍රමාණය හෝ පෙනුම වෙනස් කිරීමට අවශ්‍ය තෝරාගත් දත් සඳහා දන්ත ආවරණ යොදා ගැනීම සලකා බැලිය හැක.
ඒවා තනි තනිව හෝ වඩාත් පුළුල් සිනහව අලංකාර කිරීමේ සැලැස්මක කොටසක් ලෙසද භාවිතා කළ හැක.
රු. 85,000
ඔබේ දත් නැවත යථා තත්ත්වයට පත් කර ගන්න
හැකි සෑම විටම ඔබේ ස්වාභාවික දත් සුරක්ෂිත කර ගැනීමට උපකාරී වන්නෙමු
දත් දිරායාම, පැරණි පිරවුම් , දත් බිඳියාම, ගෙවීයාම සහ ආසාදන නිසා දත්වලට හානි සිදු විය හැක.
සුදුසු අවස්ථාවලදී, අපගේ පළමු සැලකිල්ල වන්නේ එම ස්වාභාවික දතට ප්‍රතිකාර කර නැවත යථා තත්ත්වයට පත් කළ හැකිද යන්නයි.
දත් පිරවීම
දත් දිරායාම, ගෙවීයාම හෝ කුඩා බිඳියාමකින් හානි වූ දතක් පිරවීමක් (filling) මගින් පිළිසකර කළ හැක. ස්වාභාවික පෙනුම පවත්වා ගනිමින් දත නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා බොහෝ විට දත්වල පැහැයට සමාන ද්‍රව්‍ය භාවිතා කළ හැක.
රු. 20,000
ස්නායු පිරවුම් ප්‍රතිකාරය
දරුණු ලෙස ආසාදනය වූ හෝ ඉදිමුණු දතක් සෑම විටම ගැලවීමට අවශ්‍ය නොවේ. ස්නායු පිරවුම් ප්‍රතිකාරය මගින් දත ඇතුළත ඇති ආසාදනය ඉවත් කරනු ලබන අතර, එමගින් සුදුසු අවස්ථාවලදී දත සුරක්ෂිතව තබාගෙන නැවත යථා තත්ත්වයට පත් කළ හැක. ස්නායු පිරවුම් කළ ඇතැම් දත් සඳහා පසුව ආරක්ෂාව පිණිස දන්ත ඔටුන්නක් (crown) අවශ්‍ය විය හැක.
රු. 50,000
දන්ත පාලම්
දන්ත පාලම (bridge) මගින් අසල ඇති දත්වල ආධාරයෙන්, හෝ තෝරාගත් අවස්ථාවන්හිදී දන්ත බද්ධ කිරීම් ආධාරයෙන්, අහිමි වූ දත් එකක් හෝ කිහිපයක් නැවත යොදාගත හැක. ඔබේ තත්ත්වයට වඩාත් සුදුසු වන්නේ දන්ත පාලමක්ද නැතහොත් දන්ත බද්ධ කිරීමක්ද යන්න ඔබේ දන්ත වෛද්‍යවරයා විසින් පැහැදිලි කර දෙනු ඇත.
එක් ඒකකයක් සඳහා රු.45,000 සිට
නිරෝගී දත් සහ විදුරුමස්
හොඳ දන්ත වෛද්‍ය සේවාවක් යනු ඔබේ සිනහවේ පෙනුම ගැන පමණක් නොවේ.
හොඳ දන්ත වෛද්‍ය සේවාවක් යනු ඔබේ සිනහවේ පෙනුම ගැන පමණක් නොවේ.
නිරෝගී විදුරුමස් සහ නිසි දන්ත පරීක්ෂාවන් යනු සාර්ථක ප්‍රතිසංස්කරණ , බද්ධ කිරීම් සහ අලංකාර කිරීමේ ප්‍රතිකාර සඳහා වන පදනමයි.
වෘත්තීය මට්ටමේ දත් පිරිසිදු කිරීම
නිවසේදී සාමාන්‍ය ලෙස දත් මැදීමෙන් සැමවිටම ඉවත් කළ නොහැකි තැන්පතු ඉවත් කිරීමට වෘත්තීය මට්ටමේ දත් පිරිසිදු කිරීමක් උපකාරී වේ.
දන්ත වෛද්‍ය හමු අතරතුර කාලයේදී දත් සහ විදුරුමස් වඩාත් නිරෝගීව පවත්වා ගන්නා ආකාරය ගැන උපදෙස් දීමටද ඔබේ දන්ත වෛද්‍ය කණ්ඩායමට හැකියාව ඇත.
රු. 40,000
විදුරුමස් රැකවරණය
ලේ ගැලීම, ඉදිමීම හෝ විදුරුමස් නොසලකා හැරිය යුතු නොවේ.
විදුරුමස් ගැටලු මගින් ස්වාභාවික දත්වලට බලපෑම් ඇති කළ හැකි අතරම, දන්ත බද්ධ කිරීම් වල දීර්ඝකාලීන පැවැත්මටද බලපෑම් එල්ල කළ හැක.
අවශ්‍ය අවස්ථාවලදී, වෙනත් දන්ත ප්‍රතිකාරවලට පෙර හෝ එම ප්‍රතිකාර අතරතුර සුදුසු විදුරුමස් ආශ්රිත ප්‍රතිකාර ලබා ගැනීමට නිර්දේශ කරනු ඇත.
දත් ගැලවීම සහ මුව ආශ්රිත ශල්‍යකර්ම
දතක් නැවත සුරක්ෂිත කළ නොහැකි අවස්ථාවලදී
අපගේ මූලික කැමැත්ත වන්නේ සුදුසු සෑම අවස්ථාවකදීම ස්වාභාවික දත් ආරක්ෂා කර ගැනීමයි. කෙසේ වෙතත්, දතක් ඉවත් කිරීම වඩාත්ම සුදුසු විකල්පය වන අවස්ථාවන් පැවතිය හැක. පහත සඳහන් දෑ සඳහා සේවාවන් ලබා දීමට හෝ සංවිධානය කිරීමට අපට හැකියාව ඇත:
- සාමාන්‍ය දත් ගැලවීම
- බිඳුණු හෝ දරුණු ලෙස හානි වූ දත්
- තෝරාගත් ශල්‍යකර්ම මගින් දත් ගැලවීම්
- ඥාණ දත
- දන්ත බද්ධ කිරීම් ප්‍රතිකාරයට පෙර ඉවත් කිරීමට අවශ්‍ය වන දත්
දතක් ඉවත් කිරීමට අවශ්‍ය වුවහොත්, එය නැවත සවිකර ගත යුත්තේ කෙසේද සහ නැවත සවිකර ගත යුතුද යන්න පිළිබඳවද අපට සාකච්ඡා කළ හැක.
රුපියල් 15,000 සිට
දන්ත ගැටලු කිහිපයක් එකවර පවතීද?
ඔබට ඒවා එකින් එක නිවැරදි කිරීමට අවශ්‍ය නැත
ඇතැම් රෝගීන් එකවර ගැටලු කිහිපයක් සහිතව අප වෙත පැමිණේ.
ඔබට කැඩුණු දත් සමඟම අහිමි වූ දත් ද තිබිය හැක. පැරණි ක්‍රවුන් (Crowns) මාරු කිරීමට අවශ්‍ය විය හැක. වසර ගණනාවක් තිස්සේ ඔබගේ දත් ගෙවී ගොස් තිබිය හැක. නැතහොත් මීට පෙර දන්ත ප්‍රතිකාර ලබාගෙන තිබුණද, එහි අවසාන ප්‍රතිඵලය පිළිබඳව ඔබ තවමත් තෘප්තිමත් නොසිටිනවා විය හැක.
මෙවැනි තත්ත්වයන්හිදී, එක් එක් දත දෙස වෙන වෙනම තනි තනිව බැලීම ප්‍රමාණවත් නොවේ.
සම්පූර්ණ සිනහව සහ දන්ත ප්‍රතිසංස්කරණය
අපට ඔබගේ දත් සියල්ල එකට පරීක්ෂා කර, ඔබගේ ප්‍රමුඛතාවයන්ට අනුව සැකසූ අදියරයන්ගෙන් යුත් ප්‍රතිකාර සැලසුමක් සකස් කළ හැක.
ඔබගේ සැලසුමට පහත දෑහි සංකලනයක් ඇතුළත් විය හැක:
- දන්ත බද්ධ කිරීම්
- ස්නායු පිරවුම්
- දන්ත ආවරණ
- දත් සුදු කිරීම
- දන්ත ඔටුනු සහ පාලම්
- විනිවිද පෙනෙන අලයිනර්ස්
- විදුරුමස් ප්‍රතිකාර
- අහිමි වූ දත් නැවත ලබාදීම
එක් මූලික පරීක්ෂාවක්. එක් සැලසුමක්. පියවරෙන් පියවර ඉදිරියට.
කොතැනින් ආරම්භ කළ යුතුදැයි නිශ්චිතවම නොදන්නේද?
ඔබට පවතින ප්‍රධානම අපහසුතාවයෙන් ආරම්භ කරන්න.
“මට දතක් අහිමි වී ඇත.”
“මගේ දතක් කැඩී හෝ හානි වී ඇත.”
“මට දත් ඇද නැතිව සෘජුව තබා ගැනීමට අවශ්‍යයි.”
“මට මගේ සිනහව තවත් ලස්සන කර ගැනීමට අවශ්‍යයි.”
“මට තද දත් කැක්කුමක්/වේදනාවක් පවතී.”
“මට දන්ත ගැටලු කිහිපයක් එකවර පවතී.”
අප හමුවීමට පැමිණීමට පෙර ඔබම රෝග විනිශ්චය කරගැනීමට අවශ්‍ය නොවේ. ඔබට ඇති විකල්ප තේරුම් ගැනීමට අපි ඔබට සහාය වන්නෙමු.
ප්‍රතිකාර ක්‍රියාවලිය
නිරෝගී සිනහවක් කරා යන ඔබගේ ගමනාන්තය
ඔබගේ පළමු පරීක්ෂාවේ සිට දීර්ඝකාලීන නඩත්තුව දක්වා පැහැදිලි, නිශ්චිත සහ විශ්වාසනීය ක්‍රියාවලියක්.
01
ඔබගේ සාකච්ඡාව සඳහා වේලාවක් වෙන් කරගන්න
ඔබගේ සාකච්ඡාව සඳහා වේලාවක් වෙන් කරගන්න.
02
සම්පූර්ණ සායනික පරීක්ෂාව
අපගේ දන්ත වෛද්‍යවරුන් විසින් සවිස්තරාත්මක සායනික පරීක්ෂාවක් සමඟ අවශ්‍ය අවස්ථාවලදී ඩිජිටල් ස්කෑන් සහ පරීක්ෂණ සිදු කරනු ලබයි.
03
පුද්ගලාරෝපිත ප්‍රතිකාර සැලසුම්කරණය
සායනික අවශ්‍යතා සහ පුද්ගලික බලාපොරොත්තු මත පදනම්ව සෑම රෝගියෙකුටම වෙන් වෙන් වශයෙන් සැකසූ ප්‍රතිකාර සැලසුමක් හිමිවේ.
04
ප්‍රතිකාර ලබාදීම
නූතන උපකරණ, ඩිජිටල් තාක්ෂණය සහ විද්‍යාත්මකව තහවුරු කළ සායනික ක්‍රමවේද භාවිතයෙන් ප්‍රතිකාර සිදු කරනු ලැබේ.
05
සමාලෝචනය සහ නඩත්තුව
නිතිපතා සිදුකරන පරීක්ෂාවන් (Follow-up) මගින් දීර්ඝකාලීන මුව සෞඛ්‍යය සහ ලබාදුන් ප්‍රතිකාරවල සාර්ථකත්වය තහවුරු කෙරේ.
New to Cayo Dental Thalawathugoda!
Patient Appointments
All consultations, assessments, and follow-up treatments are available Monday through Friday. Our team is here throughout the week to care for your teeth and help you achieve your treatment goals.
Contact Us
071 618 99 99
Opening Hours
Monday - Friday
09.00am - 06.00pm