ළමා දන්ත සත්කාර
නිරෝගී සිනහවක් ගොඩනැඟීම: ඔබේ දරුවන්ගේ මුඛ සෞඛ්‍යය සඳහා මාර්ගෝපදේශයක්
මුඛ සෞඛ්‍යය පිළිබඳ නිවැරදි සෞඛ්‍ය සම්පන්න පුරුදු, දරුවාගේ ජීවිත කාලය පුරාම පවතින ශක්තිමත් දත් පෙළකට අඩිතාලම දමයි. කිරි දත් මඟින් දරුවාට ආහාර සැපීමට උපකාර කිරීමට අමතරව තවත් බොහෝ දේ සිදු කරයි – ඒවා මඟින් ස්ථිර දත් සඳහා අවශ්‍ය ඉඩකඩ වෙන්කර තැබීම, නිවැරදිව වචන උච්චාරණය කිරීමට උපකාර කිරීම සහ දරුවාගේ ආත්ම විශ්වාසය ගොඩනැඟීම සිදු කරනු ලබයි.
වයස් කාණ්ඩ අනුව රෝග වළක්වා ගැනීමේ දන්ත පුරුදු
බිළිඳන් (මාස 0-12)
දත් මතුවන තෙක්, සෑම ආහාර වේලකටම පසුව තෙත මාත්තු කළ මෘදු රෙදි කැබැල්ලක් භාවිතයෙන් ඔබේ බිළිඳාගේ විදුරුමස් පිරිසිදු කරන්න. පළමු දත මතුවූ වහාම හෝ දරුවාට අවුරුද්දක් පිරීමට පෙර ප්‍රථම දන්ත වෛද්‍ය හමුවීම සිදු කරන්න.
කුඩා ළමුන් (අවුරුදු 1-3)
මෘදු කෙඳි සහිත, කුඩා ළමුන්ට සුදුසු දත් බුරුසුවක් සහ සහල් ඇටයක ප්‍රමාණයේ ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේප ස්වල්පයක් භාවිතයෙන් දිනකට දෙවරක් දරුවාගේ දත් මදින්න.
වැඩිමහල් ළමුන් (අවුරුදු 3-6)
මෑ ඇටයක ප්‍රමාණයේ දන්තාලේප ප්‍රමාණයක් භාවිත කිරීම ආරම්භ කරන්න. තවද දත් මදින අවස්ථාවලදී ඒ පිළිබඳව පරීක්ෂාවෙන් සිටින්න.
වයස මත පදනම් වූ මුඛ සත්කාර අනුකෘතිය
| වයස් කාණ්ඩය | දන්තාලේප ප්‍රමාණය | ප්‍රධාන අවධානය යොමුකළ යුතු ක්ෂේත්රය | ප්‍රධාන රෝග වළක්වා ගැනීමේ අරමුණ |
|---|---|---|---|
| මාස 0–12 | ජලය පමණයි / සහල් ඇටයක ප්‍රමාණය | විදුරුමස් පිරිසිදු කිරීම සහ දත් ඒමේදී ඇතිවන අපහසුතා සමනය කිරීම | සූප්පු බෝතල් භාවිතය නිසා සිදුවන මුල් අවධියේ දත් දිරායාම වැළැක්වීම |
| අවුරුදු 1–3 | සහල් ඇටයක ප්‍රමාණය (ෆ්ලෝරයිඩ් සහිත) | දිනකට දෙවරක් මෘදුව දත් මැදීම | දෛනික පුරුද්දක් ලෙස ස්ථාපිත කිරීම |
| අවුරුදු 3–6 | මෑ ඇටයක ප්‍රමාණය | තනිවම දත් මැදීමට පුරුදු කිරීම | දත්වල කුහර ඇතිවීම වැළැක්වීම |
| අවුරුදු 6+ | මෑ ඇටයක ප්‍රමාණය | ඩෙන්ටල් ෆ්ලොස් භාවිතයෙන් දත් අතර පිරිසිදු කිරීම | අලුතින් මතුවන ස්ථිර දත් ආරක්ෂා කිරීම |
දෙමාපියන් සඳහා උපදෙසක් : දත්වල සපන මතුපිට මත තවරනු ලබන තුනී ප්ලාස්ටික් සීලන්ට් මඟින් ළමුන්ගේ දත් දිරායාම 80% දක්වා ප්‍රමාණයකින් වළක්වා ගත හැක.
නිතර අසන ප්‍රශ්න
කිරි දත් ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි? ඒවා කොහොමත් කාලයත් සමඟ ගැලවී යනවා නේද?
කිරි දත් දිරා යාම නිසා වේදනාව, ආසාදන ඇති විය හැකි අතර, නියමිත කාලයට පෙර එම දත් ගැලවී යාමට ඉඩ ඇත. කිරි දත් කලින්ම ගැලවී යාම හේතුවෙන්, පසුව මතුවන ස්ථිර දත් ඇදවීමට ඉඩ තිබේ.
මගේ දරුවා විනාඩි 2ක් පුරා දත් මදින්නට අකමැති නම් මා කුමක් කළ යුතුද?
විනාඩි 2ක කාලයක් දිවෙන ටයිමරයක් භාවිත කරන්න, දත් මදින අතරතුර දරුවා ආස කරන සින්දුවක් කියන්න, නැතහොත් ස්ටිකර් ලබා දෙන ත්‍යාග ක්‍රමයක් උත්සාහ කර බලන්න.
ඔබේ සිනහව බලවත් ව මෙන්ම සුරක්ෂිත ව තබා ගන්න
නිවැරදි සත්කාර ලබා දෙන්නේ නම්, දන්ත ඉම්ප්ලාන්ට් ජීවිත කාලය පුරාම පවත්වා ගැනීමට හැකි වන පරිදි නිර්මාණය කර ඇත. ඔබගේ විදුරුමස්වල යම් රිදුම් ස්වභාවයක් ඇත්නම්, රුධිරය වහනය වීමක් නිරීක්ෂණය වන්නේ නම්, හෝ සාමාන්‍ය පරීක්ෂාව සිදු කර ගැනීමට අවශ්‍ය නම්, අදම අප වෙත වේලාවක් වෙන් කරවා ගන්න!
අප හා සම්බන්ධ වන්න
071 618 99 99
විවෘත වේලාවන්
සඳුදා - සිකුරාදා
පෙ.ව. 09.00 - ප.ව. 06.00